දිවුලපිටිය කොවිඩ් පොකුර 1,083 දක්වා ඉහළට

ඔක් 10, 2020

    දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,083 දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඉකුත් පස්වැනිදා වනවිට දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනා ගැනුණු රෝගීන් සංඛ්‍යාව 103ක්.

    06 වැනි දින රෝගීන් 729 දෙනෙකු වාර්තා විය.

    ඊට පසු දින වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 202ක්.

    8 වැනි දින තවත් රෝගීන් 19 දෙනෙකු හඳුනා ගැණින.

    ඊයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 30ක්.

    ඒ අනුව, දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,083 දක්වා ඉහළ ගියේය.

    Last modified on සෙනසුරාදා, 10 ඔක්තෝබර් 2020 12:16

    Latest News