මීට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුවද විශේෂ දුම්රිය වාර කිහිපයක් හෙට දිනයේ කි‍්‍රයාත්මක කරන බවයි, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න පැවසුවේ.
මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයට සහ උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ තොරතුරු රැස් කිරීම සඳහා ඔන් ලයින් ක්‍රමයට තොරතුරු පති‍්‍රකාවක් පිරවීමේ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක කර තිබෙනවා.
ඒ, කොවිඞ් - 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීමේ ආරක්ෂක වැඩපිළිවෙළක් සඳහායි.
කෙසේ වෙතත් අන්තර්ජාල පහසුකම් නොමැති සිසුන්ට එම පති‍්‍රකාව පිරවීමට නොහැකි නම් ඒ පිළිබඳ කලබලයට පත් නොවන ලෙසයි, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී සිටින්නේ.