විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම සීමා කෙරේ

ඔක් 10, 2020

    විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    මෙරට තුළ මේ වනවිට නව ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් පවතින රෝහල් පහසුකම් මෙන්ම එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීම සඳහා පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

    විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14 ක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක්විය යුතු වේ.

    මෙරට ආසාදිතයින් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

    තවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 57,000 කට අධික පිරිසක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

    Latest News