මුහුණු ආවරණ පැළඳීම හා දුරස්ථභාවය රැකගැනීම යන සිද්ධාන්තයන්ට වැඩි අවධානයක් දෙමින් කටයුතු කළ යුතුව ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
“පොලිස් වසම් 19ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. එමෙන්ම මතුගම ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 3ක් හුදකලා කර ඇත. මේ සීමාවන් මොනවා පැනවුවත් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මේ ප්‍රදේශවල ඉන්න පුළුවන්. මතුගමත් ඉන්න පුළුවන්. ඒ අයට මේ සංචරණ සීමා බලපාන්නේ නැහැ. ඔවුන්ට සුපුරුදු පරිදි තමුන්ගේ විභාගයට සහභාගී වෙන්න පුළුවන්.“
මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීති කඩකළ පුද්ගලයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.