වනුෂි වෝල්ටර් නවසීලන්ත පාර්ලිමේන්තුවට

ඔක් 19, 2020

    ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටර් නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරීපත්ව තිබේ.

    අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩ්න්ගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් වයඹ දිග ඕක්ලන්ඩ්හි මන්ත්‍රී ධුරය සඳහායි ඇය තරඟ වැඳුනේ.

    එහිදී විපක්ෂයේ අපේක්ෂකයා පරාජය කරමින් ඡන්ද 14,142 ක් ලබාගැනීමට ඇය සමත් විය.

    ශ්‍රී ලංකාවේ උපත ලද වනුෂි තම දෙමාපියන් සමග මෙරටින් පිටව ගොස් ඇත්තේ පස් හැවිරිද වියේදීයී.

    ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේදී නීති උපාධිය හැදෑරූ ඇය වෘත්තියෙන් මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියකි.

    ඇම්නෙස්ති ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් හා මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක් ලෙස ද ඇය කටයුතු කර ඇත.

    නවසීලන්තයේ පැවති මහමැතිවරණයේ අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩ්න්ගේ කම්කරු පක්ෂය 49.1% ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ආසන 120 න් 64 ක් දිනා ගැනීමට සමත් විය.

    මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා නවකයින් 40 දෙනෙකු තේරීපත්ව ඇති අතර එයට අප්‍රිකා, ලතින් අමෙරිකා හා ශ්‍රී ලාංකික ජාතිකයින් ද ඇතුළත්.

    Latest News