උසස්පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා පෙනී සිට ලකුණු 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් යළි එම ප්‍රශ්න පත්‍රය සඳහා පෙනීසිටීම අත්‍යවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කර සිටී.
ඒ අනුව මීළඟ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා එම ලකුණු ලබාගැනීම ප්‍රමාණවත් බවයි, විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.