රත්නපුර නගරය අධි අවදානම්

දෙසැ 18, 2020

    රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇති නිසා රත්නපුර නගරයේ පාසල් තුනක් තාවකාලිකව වසා දැමිමට තීරණය කර තිබේ.

    සිකුරාදා දිනයේ නගරයේ සියලුම මුස්ලිම් පල්ලි වසා දැමමටද තීරණය විය.

    ඊයේ (17) පස්වරුවේ හදිසියේ රැස් වූ කොරෝනා වෛරස් මර්ධන රත්නපුර දිස්ත්‍රික් කාර්යය සාධන බලකා කමිටුවේදී මෙම තීරණ ගැන සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා දැනුම් දුන්නේය.

    රත්නපුර කුඩුගල්වත්ත ප්‍රදේශයේ අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ලද 20 දෙනෙකුගෙන් 07 කුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සදහන් කළ ආණ්ඩුකාරවරයා පැවසූයේ මෙහි ඇති අවදානම මොවුන් සියලු දෙනා අහඹු ලෙස තෝරා ගත් අයවළුන් වීම බවය.

    අද (18) සිකුරාදා දිනයේ රත්නපුර නගර සීමාවේ සියලු මුස්ලිම් පල්ලි වසා දැමීමට කමිටුව විසින් තීරණය කරන ලද අතර රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු මුස්ලිම් පල්ලිවල ආගමික වතාවත් බැතිමතුන්ගෙන් තොරව සිදු කරන ලෙස කමිටුව ඉල්ලා සිටී.

    Latest News