රාථ වාහන වැරදි සෙවීමට අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුම්

දෙසැ 18, 2020

    බීමතින් රිය පැදවීම ඇතුලු රථ වාහන වැරදි උල්ලංඝණය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද රාත්‍රියේ සිට ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

    විවිධ ආලෝක රටා සහ නාද රටා සහිතව ධාවනය කෙරෙන රථ වාහන සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු කරන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.

    ගතවු පැය 48 තුළදී රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 10 ක් සිදුව ඇති බවද ඔහු සඳහන් කළා.

    මේ අතර, කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ රෙගුලාසි සතිඅන්තයේත් අකුරටම පිළිපදින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

    Latest News