ගම සමඟ පිළිසදර අද රාවණා කන්දේ

දෙසැ 18, 2020

    ග්‍රාමීය ජනතාවගේ පානීය ජලය, මාර්ග, අධ්‍යාපන හා සෞඛ්‍ය ගැටලු විසදීමට රජය ප්‍රමුඛත්වයක් ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා.

    ඒ ජනපති ගම සමග පිළිසදර තුන්වන වැඩසටහනට එක් වෙමින්.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී වන ගම සමඟ පිළිසදර තුන්වන වැඩසටහන ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාවණා කන්ද, තෝරවෙල් කන්ද විද්‍යාලයේ දී මේ වනවිට පැවැත්වෙනවා.

    දීර්ඝ කාලයක සිට නොවිසදී ඇති ග්‍රාමීය ජනතාවගේ ගැටලු පිළිබද ඔවුන් සමග සාකච්ඡා කර ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසදුම් ලබාදීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි.

    Latest News