ජන ගහනයෙන් සියයට 30ක් නාය අවදානම් ප්‍රදේශවල

දෙසැ 18, 2020

    මෙරට ජනගහනයෙන් සියයට තිහක් ජීවත්වන ප්‍රදේශවල නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පවසනවා.

    2017 වසරේ රත්නපුර අයගම නගරයේ නායගිය ස්ථාන සුරක්ෂිත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් ඒ මහතා මේ බව කියාසිටියා.

    ස්ථායිකරණ ක්‍රමවේද මගින් නායයාම අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේයි මෙය ආරම්භ කෙරුණේ.

    ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද සහභාගි වුණා.

    මෙම කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 120 ක් වැය කෙරනවා.

    Latest News