කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 69,410 දක්වා ඉහළට

පෙබ 16, 2021

    අද (පෙබරවාරි 16) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 774 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 76,427 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

    ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 208 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 179 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 82 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 305 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (පෙබරවාරි 16) දින ප්‍රකාශ කරන ලදී.

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 72,906 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 68,017 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

    ඊයේ (පෙබරවාරි 15) දින තවත් PCR පරීක්ෂණ 15,430 ක් සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

    ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 715 කි.

    මේ වනවිට රට තුළ වෛරසය ආසාදනයවීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 69,410 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    කොරෝනා ආසාදිත රෝගීන් 6,614 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 92 ක් යටතේ පුද්ගලයින් 9,152 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

    පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 06 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් - 19 මරණ සංඛ්‍යාව 403 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News