අමාත්‍යවරයා මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක

පෙබ 20, 2021

    පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය විවෘත කිරීමේ හැකියාව සොයා බැලීම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එහි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    ධීවර අමාත්‍යවරයා කොරෝනා වසංගතයෙන් පසු ප්‍රතිසංස්කරණය කරන ලද පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය විවෘත කිරීම සදහා අවශ්‍ය උපදෙස් ලබා දීම සදහා එම වෙළද සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ නිරත විය.

    මෙහිදී අමාත්‍යවරයා ප්‍රතිසංස්කරණය කරන ලද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් CCD සමාගමේ නිලධාරීන් සමග වෙළද සංකීර්ණය පරීක්ෂා කල අතර එය විවෘත කිරීමට නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

    ඒ අනුව තව සති දෙකක කාලයක් තුළ වෙළද සංකීර්ණය ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසද වෙළද සංගමයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා එහි සනීපාරක්ෂක කටයුතු පිළිබදවද සොයා බැලීය.

    මෙම අවස්ථාවට අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    Latest News