ජිනීවා මානව හිමිකම් සමුළුව අද(22) ඇරඹේ

පෙබ 22, 2021

    එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද ආරම්භ වනවා.

    ඒ, ස්විට්ස්ර්ලන්තයේ ජිනීවාහිදීයි.

    මෙවර සැසිවාරය මාර්තු 23වනදා දක්වා පැවැත්වෙනවා.

    මෙවර කවුන්සිලයේ ප්‍රධාන සැසිවාරය හෙට සිට ලබන 24වනදා දක්වා පැවැත්වෙනවා.

    රටවල් 130කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන නියෝජිතයින් මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් එක් එක් රටවල් දරණ උත්සාහයන් හා ගෙන ඇති ක්‍රියාමර්ග එහිදී පැහැදිලි කිරීමට නියමිතයි.

    මෙවර සැසිවාරය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා.

    එය හෙට දිනයේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු ඇති.

    මේ අතරතුර සම අනුග්‍රාහකත්වය දැරූ රටවල් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට නව යෝජනාවලියක් ද ගෙනවිත් තිබෙනවා.

    ඒ, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන්.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත්වූ යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දැරූ රටවල් වන එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මෙසිඩෝනියාව, මොන්ටෙනිග්‍රෝ සහ මලාවි රාජ්‍යය නව යෝජනාව ඉදිරිපත් කළ රටවල් වනවා. කෙසේවෙතත් යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, බිම්බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නැවත ලබාදීම සහ අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

     

    Latest News