අකුණු වලින් ආරක්ෂාවීමට උපදෙස් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

පෙබ 22, 2021

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු සහ උතුරු - මැදපළාත්වල වැසිවාර කිහිපයක් ඇති වියහැක.

    මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති වියහැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    Latest News