කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදා හැරේ

පෙබ 22, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදා හැරීම 2021 පෙබරවාරි 21වන දින සිදු කෙරිණි.

    වඳවී යාමේ තර්ජනයට ලක් වී සිටින කැස්බෑවුන් සංරක්‍ෂණය කර සාගර පරිසර පදිධතියේ ‍ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම මූලික අරමුණ කර ගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබයි.

    ඒ අනුව, ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානය තුළ සංරක්‍ෂණය කර ආරක්‍ෂිතව රැකබලාගත් කැස්බෑ බිත්තර තුළින් පිටතට පැමිණි කැස්බෑ පැටවුන් 78 ක් සාගරයට මුදා හැරීම ගිණිකොණ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නෙවිල්ලේ උභයසිරිගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරිණි.

    Latest News