රියදුරුට පහරදුන් කොස්තාපල් අප්‍රේල් 5 දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට

මාර් 30, 2021

    පන්නිපිටියේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා අප්‍රේල් 5 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    අදාළ රියදුරුගේ, බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලිසිය පවසයි. හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී එම පහරදීම සිදුවිය. පහරකෑමට ලක්වූයේ ලොරි රථ රියදුරෙක්. ඔහුගේ නොසැලකිළිමත් රිය ධාවනයෙන් මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයේදී අනතුරට ලක්විය.

    ඔහු දකුණු කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. රියදුරුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    Latest News