චීන එන්නත් මාත්‍රා ලක්‍ෂ 6ක් හෙට (31) දිවයිනට

මාර් 30, 2021

    චීන රජයේ ආධාරයක් ලෙස මෙරටට ලබාදී ඇති සයිනොෆාම් කොවිඩ් 19 එන්නත් මාත්‍රා ලක්‍ෂ 6ක් හෙට (31) පෙරවරුවේ මෙරටට ලැබෙන බව, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    ඔහු කියා සිටියේ එම එන්නත් තොගයෙන් ප්‍රථම කොටස මෙරට වාසය කරන චීන ජාතිකයන්ට ලබාදීමට නියමිත බවයි. අදාළ ලිපිලේඛණ විශ්ලේෂණයෙන් අනතුරුව, එය මෙරට ජනතාවට ද ලබාදීමට පියවර ගන්නා බව ඔහු පවසයි.

    Latest News