ඩ්‍රෝනාවෙන් ගුවන් තොටුපොළ රූගත කළ අය දැලේ

පෙබ 03, 2019

    කටුනායක අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි, ගුවන් තොටුපොළ රූගත කරමින් සිටි මාලදිවයින් ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, කටාන පොලිස් වසමේ දමින්නගහවත්ත ප්‍රදේශයේ දී. අවසරයකින් තොරව, ඩ්‍රෝන කැමරාවක් ආධාරයෙන් ගුවන් තොටුපොළ රූගත කිරීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවයි.

    අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර සැකකාරියක් ද වේ. ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News