කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අඛණ්ඩව....

මැයි 17, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    ඊයේ දිනයේත්, 28,309 දෙනෙකු සඳහා එම එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසයි. කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ ‍කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව 1612 දෙනෙකු සඳහා ලබා දී තිබේ.

    ඒ අනුව එහි දෙවැනි මාත්‍රාව ලබාගත් සමස්ත සංඛ්‍යාව දෙලක්‍ෂ 67,077ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 26,697කට ලබාදී තිබේ. එම එන්නත ලබාගෙන ඇති සමස්ත සංඛ්‍යාව තුන් ලක්‍ෂ 75, 316ක්.

    Latest News