පෞද්ගලික රෝහල්වලට PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ ගැන මාර්ගෝපදේශ මාලාවක්

මැයි 22, 2021

    PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සිදුකරන පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිශ්චිත මාර්ගෝපදේශ නියම කර තිබේ.

    පෞද්ගලික රෝහල්වල, රසායනාගාර ප්‍රධානීන් වෙත එය අද ලිඛිතව දැනුම් දෙනු ලැබීය. ඒ අනුව අදාළ පරීක්‍ෂණ කළ යුත්තේ ප්‍රතිකාර නිශ්චිත කිරීම භාර වෛද්‍ය විශේෂඥයා හෝ වෛද්‍ය නිලධාරියා හෝ එකී අවශ්‍යතා නිර්දේශ කර ඇත්නම් පමණි. සාම්පල ලබා ගැනීමෙන් පසු ප්‍රතිඵල ලැබෙන පසු ආයතනය හෝ නිවස ඇතුළත හුදකලාව රැඳී සිටින ලෙස රෝගියාට නියම කළ යුතුයි. 

    යමෙකුට කොවිඩ් ආසාදනය වී ඇත්නම් ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයට, අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට සහ රෝගියාට දැනුම්දීම රෝහල් බලධාරියාගේ වගකීමක්.

    ආසාදිත රෝගීන් සම්බන්ධ වගකිව යුතු වෛද්‍යවරයාගේ නිර්දේශ පරිදි බලයලත් කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳවීමට රෝහල් බලධාරින් ක්‍රියා කළ යුතුය.

    Last modified on සෙනසුරාදා, 22 මැයි 2021 20:36

    Latest News