අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි; මුහුදු යාමෙන් වළකින්න...

මැයි 23, 2021

    ඊසාන දින බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශය තුළ අද සිට නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වය අද පීඩන අවපාතයක් බවට පත්වනු ඇත. එය හෙට සුළි කුණාටුවක් බවටත් ඊළඟ පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇත.

    මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිසාවට ගමන් කර ලබන 26 වැනි දින බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News