දිස්ත්‍රික්කයේ වැලි කැනීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී තත්වය ඊට හේතුවි ඇත. පාර්ලිමේන්තු උපදේශක කමිටු උපදෙස්, මාධ්‍ය වාර්තා කර ඇති කරුණු හා කාර්යාංශය වෙත ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සිදුවේ. එම විමර්ශනය අදාළ ආයතන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශය පවසයි.
එම විමර්ශන අවසන් කර තීරණයකට එළඹෙන තෙක් හෙට (15) සිට 28 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට නිකුත් කර ඇති සියළුම වැලි කැනීම් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය - නිවේදනය