කොළඹ විශාඛා විද්‍යාලයේ අභිනව පුස්තකාල ගොඩනැගිල්ල අගමැති අතින් සිසු අයිතියට

නොවැ 11, 2021

    නවීන තාක්ෂණික පහසුකම් සහිතව ඉදිකෙරුණු කොළඹ විශාඛා විද්‍යාලයේ අභිනව පුස්තකාල ගොඩනැගිල්ල අද විවෘත කෙරුණා.

    ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන්. මෙය "ගීතාංජලී අමරසූරිය විශාඛා සියවස් සමරු පුස්තකාලය" ලෙස නම්කර තිබෙනවා. සිව් මහල් ගොඩනැගිල්ල ඉදි කිරීමට වැය කෙරුණු මුදල රුපියල් කෝටි 10 කට ආසන්නයි. විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිතිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්වයි ඊට මූල්‍ය දායකත්වය ලබා දී තිබෙන්නේ.

    මෙම අවස්ථාවට අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ විශාඛා විද්‍යාලයේ විදුහල්පති සඳමාලි අවිරුප්පොල මහත්මිය ද එක්ව සිටියා.

    Latest News