බුදු පිළිම නඩුව අඛණ්ඩව විභාගයට...

දෙසැ 19, 2021

    මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාල නඩුව අඛණ්ඩව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පසුගියදා දින නියම කළා.

    කෑගල්ල පළාත්බද මහාදිකරණයේයි, නඩුව ගොනු කෙරුණේ.  2018 දෙසැම්බර් 26 හෝ ඊට ආසන්න දිනයකදී මාවනැල්ල ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක තිබූ බුදු පිළිමවලට හානි කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, මාවනැල්ල පොලිසිය හා රාජ්‍ය බුද්ධි සේවය එක්ව කළ විමර්ශනවලින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා.

    ඉන් විත්තිකරුවන් 16 දෙනෙකුට විරුද්ධව අධි චෝදනා 21 ක් ගොනු කෙරුණා. නොවැම්බර් 16 වැනිදායි, අධිචෝදනා පුද්ගලයින්ට බාරදී ඇත්තේ. ඒ, කෑගල්ල පළාත් බද මහාධිකරණයේදී. නඩුව කැඳවනු ලැබුවේ, මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ, ජයකි ද සිල්වා හා ඉන්දිකා කාලිංගවංශ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. එහිදී නඩුව ලබන වසරේ පෙබරවාරි 23, මාර්තු 02,10,22 සහ 31 දිනවල යළි කැඳවීමට තීරණය කෙරුණා. සාක්ෂිකරුවන්, ලබන පෙබරවාරි 23 වැනිදා අධිකරණයට කැඳවීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 19 දෙසැම්බර් 2021 19:04

    Latest News