බතික්වලට උත්සව සමයේ වැඩි ඉල්ලුමක්....

දෙසැ 19, 2021

    බතික් නිෂ්පාදනවලට උත්සව සමයේ වඩා විශාල ඉල්ලුමක් පවතින බව බතික් කර්මාන්තයේ නියැලෙන්නන් පවසනවා.

    ඔවුන් සඳහන් කරන්නේ, ආනයනික බතික් රෙදිපිළි සඳහා රජය සීමා පැනවීම මීට ප්‍රධාන හේතුව බවයි. දේශීය බතික් කර්මාන්තය බිඳ වැටීමට ලක්වූයේ ආනයනික බතික් රෙදිපිළි වෙළඳපොළට පැමිණීමත් සමගයි. එහෙත් බතික් ආනයනය සීමාකර කර්මාන්තය නගා සිටුවීමට රජය ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් යළි එම කර්මාන්තය සාර්ථක වී තිබෙනවා.

    මහවැව සහ නාත්තණ්ඩිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගම්මාන රැසක ජනතාවගෙ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ ද මෙම කර්මාන්තයයි. 3,000 කට අධික පිරිසකට ඍජු හා වක්‍ර රැකියා ඉන් උදාවී තිබෙනවා. යළි තම ජීවන වෘත්තිය ආරම්භ කිරීම සඳහා රජය ලබාදී ඇති පහසුකම් පිළිබඳව ඔවුන් තම ප්‍රසාදය පළ කරයි.

    Last modified on ඉරිදා, 19 දෙසැම්බර් 2021 19:04

    Latest News