සංයුතිය මුද්‍රණය කළ නව ගෑස් සිලින්ඩර, වෙළෙඳ පොළට....

දෙසැ 22, 2021

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිර්දේශිත, සංයුතිය මුද්‍රණය කළ නව ගෑස් සිලින්ඩර, මේ වනවිට වෙළෙඳ පොළට නිකුත් කර තිබෙනවා.

    එම සිලින්ඩරවල දැක්වෙන්නේ, අනුමත ප්‍රොපේන් 30%ක ප්‍රතිශතයක්, අදාළ ගෑස් සංයුතියට ඇතුළත් බවයි. ඉකුත් දිනවල වාර්තා වූ ගෘහස්ථ ගෑස් අනතුරුවලට හේතුව ගෑස් සංයුතියේ වෙනස්කම් බව, ඒ පිළිබඳ සොයා බැලීමට පත් කෙරුණු විශේෂඥ කමිටුව ඊයේ හෙළි කළා. 

    මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නව ගෑස් සංයුතියට අදාළ නව ප්‍රමිතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නව ප්‍රමිතියට අනුව ප්‍රොපේන් 30%ක් හා බියුටේන් 70%ක් අදාළ සංයුතියට ඇතුළත් වනවා. මීට අමතරව වාෂ්ප තත්වයේ පවතින ගෑස් අංශු මිලියනයක් තුළ ගන්ධය වහනය වන මාර්කැප්ටන් අංශු ඒකක 14ක් ද එම සංයුතියට ඇතුළත්.

    නව සංයුතිය මුද්‍රණය කළ ගෑස් සිලින්ඩර දිවයිනේ බොහෝ ප්‍රදේශ වෙත අද මුදාහැර තිබුණා. එම සිලින්ඩරවල සඳහන්ව ඇත්තේ ප්‍රොපේන් 30%ක්, අදාළ ගෑස් සිලින්ඩරයේ ඇති සංයුතියට ඇතුලත් බවයි. කෙසේ වුවද නව සංයුතිය සටහන්කර ඇති නව ගෑස් සිලින්ඩර ප්‍රදේශ රැසක අලෙවි නියෝජිතයන් වෙත අද දිනය තුළත් ලැබී තිබුණේ නැහැ. ගෑස් ආශ්‍රිත අනතුරු ද අදත් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබුණා.

    Latest News