දුම්රිය වැඩ වර්ජනය අවසන්

දෙසැ 28, 2021

    දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

    ඒ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග කළ සාකච්ඡාව සාර්ථකවීමත් සමගයි. දින 04 ක් පුරා පැවති දුම්රිය වර්ජනය හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය ඇතුලු සේවා රැසකට බාධා එල්ල වුනා. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම නිසා දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් ද සිදුවිය. දුම්රිය ස්ථානාධිපතිවරුන් තමන්ට ඇති ගැටලු රාජ්‍ය අමාත්‍යවරයා සමග අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

    සේවක හිඟය, උසස්වීම් අඩුපාඩු ඇතුළු ඉල්ලීම් රැසක් ඔවුන් ඉදිරිපත් කර තිබේ. ඊට සාධනීය විසඳුම් ලැබුනු බවයි, දුම්රිය ස්ථානාදිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළේ. මේ අතර දුම්රිය සහ ලංගම බස් ඒකබද්ධ සේවාවක් ආරම්භ කිරීම සඳහා අද සාකච්ඡාවක් පැවැත්වුණා. මේ අතර, දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය නිසා අද පස්වරුවේ මරදාන ඇතුලු දුම්රිය ස්ථාන කිහිපයක දැඩි තදබදයක් ද හටගෙන ඇත.

    Latest News