මහ සමන් දේවාලයේ ශෛලමය බුද්ධ ප්‍රතිමාව අද (28) අගමැතිතුමා අතින් නිරාවරණය කෙරේ

දෙසැ 28, 2021

    ඓතිහාසික සපරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේ අභිනවයෙන් තැන්පත් කෙරුණු ශෛලමය බුද්ධ ප්‍රතිමාව අද (28) නිරාවරණය කෙරුණා.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන්. අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කෙරුණු අතර, ඉදිකිරීම් සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මැදිහත්ව ක්‍රියාකළා. අභිනව ශෛලමය බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කරනු ලැබුවේ, රත්නපුර ශ්‍රී සුමනාරාම විහාරස්ථානාධිපති පූජ්‍ය කරවිට උපනන්ද හිමියන් විසින්.

    අනතුරුව මහින්ද රාජපක්ෂ මැතිතුමා, බුද්ධ ප්‍රතිමා වහන්සේට පළමු මල් පූජාව සිදුකළා. ඌව විශ්වවිද්‍යාලයේ කුලපති, රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන් මෙහිදී අනුශාසනාවක් පැවැත්වූවා. සුමන සමන් දේව ප්‍රතිමාවේ අනුරුවක් බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා විසින් අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගන්වනු ලැබුවා.

    සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමට අදාළ ඉදිකිරීම් කටයුතුවල නිරතවූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාජිකයන්ට අග්‍රාමාත්‍යතුමා අතින් ඇගයීම් සහතික පිරිනැමුණා. අනතුරුව සපරගමුව මහ සමන් දේවාලයට ගිය අගමැතිතුමා, දේව පූජාවටද සහභාගිවී ආශිර්වාද ලබා ගත්තා. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, අකිල සාලිය එල්ලාවල, සපරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිිටියා.

    Latest News