පසුගිය මාසයේ පින්නවල ආදායම් මිලියන 13ක්

ජන 06, 2022

    පසුගිය මාසයේ පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථාන මිලියන 13ක ආදායමක් උපයා ඇති බව, සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි.

    පසුගිය අගෝස්තු 31 වැනිදා පින්නවල අලි සංරක්ෂණාගාරයේ පළමු වතාවට උපත ලද නිවුන් අලි පැටවුන් දෙදෙනා මා ඔයේ දිය නෑම සඳහා එක්කිරීමේ අවස්ථාවට පැමිණ සිටි අධ්‍යක්ෂවරිය අද මේ බව ප්‍රකාශ කළාය.

    උපතේදිම එක් පැටවකු තරමක අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවු අතර පශුවෛද්‍යවරුන්ගේ හා සේවක මණ්ඩලයේ කැපවීම මත සාසාමාන්‍ය තත්වයට පත් කරනු ලැබීය. කාර්ය්‍ය මණ්ඩලයේ හා පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මොවුන්න රැක බලා ගනු ලබයි.

    සුරංගි නැමති කෙනර හා පණ්ඩුල නැමති අලියාට දාව මෙම නිවුන් පැටවුන් උපත ලැබීය. නිවුන් පැටවුන් නැරඹීම සඳහා මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණෙන බවත්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සංචාරකයන්ට පින්නවල් නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජනවාරි 2022 11:51

    Latest News