පාදයක් අහිමි තිදරු මවට කෘත්‍රිම පාදයක්...

මාර් 18, 2022

    දියවැඩියා රෝගය හේතුවෙන් පාදයක් අහිමිව පීඬා විඳිමින් සිටි රඹුක්කන, සියඹලන්ගමුවේ පදිංචි තිදරු මවක් වන අනූෂා අත්තනායක මහත්මියට අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (17) අරලියගහ මන්දිරයේදී කෘත්‍රිම පාදයක් පිරිනැමුවාය.

    වසර දහයක පමණ කාලයක් දියවැඩියා රෝගයෙන් පීඬා විඳි පනස් පස් වැනි වියේ පසු වන ඇය තමා විඳි පීඬාව පිළිබඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම්වත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කෘත්‍රීම පාදය පිරිනැමිණි. මෙතෙක් තමන් විඳි පීඬාවට අස්වැසිල්ලක් ලැබීම පිළිබඳ සතුටට පත් අනූෂා අත්තනායක මහත්මිය මෙහි දී ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිය ස්තුතිය ප්‍රකාශ කළාය.

    Latest News