එය සංවිධාන කළේ, සමාජවාදී තරුණ සංගමයයි. වැඩසටහන පැවැත්වුණේ, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රියාස් ගොන්සාලේස් සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. කියුබානු විප්ලවයෙන් අනතුරුව අනස්ටෝ චේ ගුවේරා ශ්‍රී ලංකාවට පැමිණියේ මෙරට රබර් වගාව පිළිබඳ වන අධ්‍යයනයක් සඳහායි. එම චාරිකාව සිහිවීම උදෙසා මොරගහහේන, යහලකැලේ වතු යායේදී මහෝගනී ශාකයක් ඔහු අතින් රෝපණය කෙරුණා. ඔහු පිළිබඳ වාර්ෂිකව ගුණ සමරුව පැවැත්වෙන්නේ එම ස්ථානයේදී.