සීතාවක රාජධානී ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත් කිරීමේ සැලසුමක්...

ඔක් 08, 2022

    අවිස්සාවේල්ල වග ප්‍රදේශය මුල්කර ගනිමින් සීතාවක රාජධානී ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත් කිරීමේ මූලික සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

    ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. සාකච්ඡාව පැවැත්වුණේ, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේදී. සීතාවක උද්භිත උද්‍යානය, ලබුගම හා කලටුවාන ජලාශ සහ එම ප්‍රදේශ ආශ්‍රිත සුන්දර හා ඓතිහාසික ස්ථාන මුල්කරගනිමින් සංචාරක ‍කලාපය පිහිටුවීමට අපේක්‍ෂිතයි.‍  මෙම ප්‍රදේශයට ආවේණික සතුන් හා පක්ෂීන් දැකබලා ගැනීමේ අවස්ථාවද සංචාරකයින්ට හිමිවනවා. දැනටමත් සති අන්ත දිනවලදී සංචාරකයින් 2000කට ආසන්න සංඛ්‍යාවක් මෙම ප්‍රදේශයට පැමිණෙනවා. 

    සංචාරකයින් සඳහා සති අන්ත දිනවල පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වාත්,  නැවත පස්වරු කාලයේදී වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වාත් විශේෂ දුම්රියක් ධාවනය කිරීමට ද නියමිතයි. විශේෂ බස් රථ සේවාවක්  ආරම්භ කිරීම කෙරෙහි ද අවධානය යොමුවී තිබෙනවා. 

    Latest News