නීති විරෝධී ලෙස ඇත් දළ අත්පත් කර ගැනීමේ අරමුණින් මෙන්ම අලි මිනිස් ගැටුම හේතුවෙන් දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (21) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
ඒ පූජ්ය ආචාර්ය. ඕමල්පේ සෝභිත හිමියන්, ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ, ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පාර්ශව හතක් විසින්.
නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකළ එම
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අග්
රාමාත්
ය දිනේෂ් ගුණවර්ධන, වන ජීවී අමාත්
ය පවිත්
රා වන්නිආරච්චි, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්, ආරක්ෂක රාජ්
ය අමාත්
ය ප්
රමිත බණ්ඩාර තෙන්නකෝන්, මධ්
යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා වනජීවී අධ්
යක්ෂ ජනරාල්වරයා ඇතුළු 27 දෙනෙකු නම් කර තිබෙනවා.
එහෙත් පසුගිය කාලසීමාව තුළ විවිධ හේතුන් මත වාර්තා වූ අලි ඇතුන්ගේ මරණ හේතුවෙන් එම සංඛ්යාව මේ වන විට 2,500 සිට 4,000 දක්වා අඩු වී තිබිය හැකි බවත් පෙත්සම්කරවන් අනතුරු අඟවා සිටිනවා.
ඒ අනුව දිවයින පුරා සිදුවන අලිය ඇතුන්ගේ මරණ වැළැක්වීමට පියවර ගැනීම පැහැර හැරීම තුළින් වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, පෙත්සම්කරුවෝ ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
ඊට අමතරව අලි ඇතුන්ගේ මරණ වැළැක්වීමට අවශ්ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ වන ජීවී අධ්යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ මෙම කටයුතු සඳහා වනජීවී නිලධාරීන්ගේ සහායට නිසි පුහුණුව ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා ත්රිවිධ හමුදාවේ නිලධාරීන් යොදවන ලෙස ආරක්ෂක අමාත්යාංශයට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.