මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක්;අමාත්‍ය කබීර්

මැයි 03, 2019

    මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් ත්‍රස්තවාදයට විරුද්ධ බව, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    කෑගල්ලේ අද පැවති රැස්වීමකින් පසු අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී අදහස් පළ කළ අමාත්‍ය කබීර් හෂීම් මහතා....

    “අපි අතර තියෙන සැක නැතිකරන්න ඕනේ. තුරන්කරගන්න ඕනේ. හැම මුස්ලිම්වරයෙක්ම ත්‍රස්තවාදියෙක් නොවෙයි. මුස්ලිම් 99%කට වැඩි ප්‍රමාණයක් මේකට විරුද්ධව අද මත ප්‍රකාශ කරලා තියෙනවා. ඉදිරිපත් වෙනවා ඒ සැකකරුවන්ව හොයලා දෙන්න. ඒ නිසා අපි සාමය රැකගෙන එකමුතුව වැඩ කරලා මේ සහයෝගය ලබාගැනිමට සහ ඒ සැකය තුරන් කිරිමට ගන්න ඕන ක්‍රියාමාර්ග කුමක්ද කියලා අපි කතාකරගත්තා. දැන් වනකොට මේ මෙහෙයුම්වලින් විශාල සාර්ථකත්වයක් තියෙනවා. මං හිතන්නේ මේ ප්‍රශ්නය අපිට මැඩැපවත්වන්නට පුලුවන් වෙලා තියෙනවා. ලොකු ජයග්‍රහණයක් තියෙනවා. දේශපාලන වශයෙන් පක්‍ෂ-විපක්‍ෂ නොබලා සියලු දෙනාම එකතු වෙන්න ඕනේ. මොකද මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක්“ යැයි ඒ මහතා කියා සිටියේය.

    Latest News