ඒ අරලියගහ මන්දිරය පරිශ්රයේදී. උතුම් සම්බුදු තෙමඟුල සැමරීම සහ පසුගියදා එල්ල වූ ත්රස්තවාදී ප්රහාරයෙන් මියගිය සියලු දෙනා සිහිකිරීම හා තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය ප්රාර්ථනා කිරීම ද මෙහිදී සිදු කෙරිණ. සම්බෝධි වන්දනා පිංකම තෛයිනිකායික මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැවැත්වුණේ අරලියගහ මන්දිරයේ පිහිටි ජය ශ්රී මහා බෝධින් වහන්සේගේ ශාඛාව අභියසදී. මැති-ඇමතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.