මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීරණයකට අනූව ඊයේ (18) සිට 20 වැනිදා දක්වා දේශීය සංචාරකයන්ට නොමිලයේ සීගිරිය නැරඹීමට අවස්ථාව ලබාදී තිබේ. මේ හේතුවෙන් සීගිරිය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බවයි බර්නාඩ් මහතා පවසන්නේ. සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සියලු දෙනාටම දැඩි ආරක්ෂාවක් ලබාදී තිබේ.