ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, හොරොව්පතාන පොලීසිය විසින්. මෙම සැකකරුවන් අතර සහරාන් හෂීම් සමග දේශන පැවැත්වූ පුද්ගලයෙකු ද සිටියි. ඔහු හොරොව්පතාන ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙක්. සැකකරුවන් කුච්චවේලි, අනුරාධපුරය හා ත්රිතුණාමලය යන ප්රදේශවල දේශන පැවැත්වූ බව ප්රශ්න කිරීම්වල දී හෙළිවී තිබේ.
ඔවුන් සියලුදෙනා හොරොව්පතාන පොලීසිය බාරයේ පසුවන අතර කැබිතිගොල්ලෑව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් කැබිතිගොල්ලෑව, හොරොව්පතාන ප්රදේශවල පදිංචිකරුවන්.