තාක්ෂණය මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයෙන්; නීති කෙටුම්පත් දින 10කින් - රතන හිමි

ජූනි 10, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

    එහිදී අදහස් දැක්වූ රතන හිමියන්... 

    “ අද මාධ්‍ය සාකච්ජාව අපි කැඳවුයේ මඩකලපුවේ අලුතින් ඉඳිවුණ නැගෙනහිර විශ්වවිද්‍යාලය පිළිබඳ අදහසක් කියන්න. විශේෂයෙන් ඔබ දන්නවා අද යුද්ධය කියන එක තනිකරම කාලතුවක්කු පරමාණුවලින් කරන යුද්ධයකට වඩා අද යුද්ධය තාක්‍ෂණික යුද්ධයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ තාක්‍ෂණික දැනුම අපේ ශ්‍රී ලංකා හමුදාවට ලබාගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මෙම විශ්වවිද්‍යාලය සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකා රජයට පවරා ගෙන තාක්‍ෂණික විෂය ඉගැන්වීමේ විශ්වවිද්‍යාලයක් බවට මේ විශ්වවිද්‍යාලය පත්කළ යුතු යැයි මම යෝජනා කර සිටිනවා. ඒ යෝජනාවට අදාළ කෙටුම්පත් නීත්‍යානුකූල කටයුතු ඉදිරි දින 10 තුළ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා“ යැයි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසූහ.

    Last modified on සදුදා, 10 ජූනි 2019 20:19

    Latest News