තෙල් නල මාර්ගය දෙපස පදිංචිකරුවන්ට සාධාරණයක් ඉටු කරනවා; අමාත්‍ය කබීර් (වීඩියෝ)

ජූනි 30, 2019

    වරායේ සිට කොළොන්නාවට තෙල් ප්‍රවාහනය කෙරෙන නල සම්බන්ධ කිරීම කඩිනමින් සිදු කරන බව, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    නල මාර්ගය දෙපස පදිංචිකරුවන්ට සාධාරණයක් ඉටු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

    අමාත්‍ය කබීර් හෂීම්

    “මේ නල මාර්ගය විශේෂයෙන්ම වරායේ සිට කොළොන්නාවට තෙල් සැපයීමේ නල මාර්ගය සම්පුර්ණ නොකිරීම නිසා නැවකින් දවස් 3ක යන තෙල් බෑම දවස් 7ක් යනවා. ඒක අවුරුද්දකට යන පාඩුව ඩොලර් මිලියන 4යි. අපේ සංස්ථාවට. මේ පාඩුව දිගටම විඳින්න බැහැ. අනිත් එක රටට තෙල් සුරක්‍ෂිතභාවයේ ප්‍රශ්නයක් තියෙනවා. තෙල් ගබඩා කිරීම, ප්‍රමාදවීම ලොකු ප්‍රශ්නයක් වෙනවා. අමාත්‍යවරයා හැටියට අපි තීරණයක් ගත්තා මේ නල මාර්ගය සම්බන්ධ කිරීමට අපි කටයුතු කරන්න. අපි එතනදී දැනට ගෙවල් හිමිකරුවෝ 121 දෙනෙකුට සහ තව 20 දෙනෙකුට නිවාස අලුතින් ලබාදීමට අපි සකස් කරලා තියෙනවා. අවට ජිවත්වන පිරිස් කිහිපයක් එයාලටත් පහසුකම් ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. සියලුම පාර්ශ්වකරුවන්ට අසාධාරණයක් නොවෙන්න අවුරුදු ගණනාවක් විසඳපු නැති ප්‍රශ්නයක් විසඳීමට අපිට හෙට අනිද්දා තීරණය ගන්න පුළුවන් වෙනවා“ යැයි අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 30 ජූනි 2019 19:33

    Latest News