මීගමුවේදී සැකකරුවෙකු අත්අඩංගුවට

ජූලි 07, 2019

    2019 මාර්තු 23 වැනි දින පුද්ගලයෙකුට පහරදී, දේපොළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් පැමිණිල්ලකට අවශ්‍ය සිටි ප්‍රධාන සැකකරු අද (07) දහවල් මීගමුව නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු වයස 53ක් වූ තලාදුව පාර, මීගමුව ප්‍රදේශයේ පදිංචි රොයිස් ප්‍රනාන්දු නමැති හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වේ. මෙම අපරාධයට අදාළව මීට පෙර සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන දැනට මීගමුව රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර, අද අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හෙට (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කටාන පොලිසිය පවසයි.

    Latest News