මත්කුඩු ජාවාරම්කරුගේ බිරිඳ දැලේ

ජූලි 07, 2019

    හෙරොයින් මත්කුඩු සමග ගලේවෙල "යාළු" නැමති මත්කුඩු ජාවාරම්කරුවකු ගේ බිරිද ඊයේ සැකපිට ගලේවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මීට පෙර මත් කුඩු ජාවාරමට සම්බන්ධව "යාළු" නැමති පුද්ගලයෙකු අත්ඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කොට තිබෙන බවත් ඔහුගේ බිරිඳ සිය නිවසේ සිට ඉතා සූක්ෂම ලෙස මත්කුඩු අලෙවි කිරීම සිදු කරගෙන යන බවට ගලේවෙල පොලිසිය පවසයි. පිටතින් නිවස සම්පූර්ණයෙන්ම දොරවල් ජනෙල් වසා දමා පාළු නිවසක් ලෙස දර්ශනය වන බවත් ජංගම දුරකථන හරහා ඇමතුමක් ලබාදීමෙන් පසු නිවසේ එක් ස්ථානයක සිදුරකින් මත්කුඩු ලබාදී මුදල් ලබා ගන්නා ආකාරය පොලිසිය නිරීක්ෂණය කොට තිබේ. 

    පසුව පොලිස් කණ්ඩායමක් මත්කුඩු මිලදීගන්නා මුවාවෙන් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන පරීක්ෂාකර බැලීමේදී ඇය සතුව මත්කුඩු පැකට් 17ක් සොයාගත් බව පොලිසිය කියයි. එමෙන්ම පොලිසිය එම ස්ථානයේ රැකවල් ලාගෙන සිටියදී තවත් තරුණයන් පස්දෙනෙකු මත්කුඩු මිලදීගන්න ගෙන පිටව යද්දී ඔවුන් ද මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකාර කාන්තාව සහ මත්කුඩු මිලදී ගැනීමට පැමිණි කුඩු ලෝලීන් පස් දෙනෙකුද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි. ගලේවෙල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

    Latest News