වාහනයක වැදුණ ඇතින්නට තුවාල

ජූලි 20, 2019

    පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේ දී වාහනයක වැදුණු ඇතින්නක් තුවාල ලබා මාර්ගය අයිනේ වැටී ඇතැයි කරුවලගස්වැව වන ජීවී කාර්යාලය පවසයි.

    මෙම ඇතින්න අනතුරට ලක්ව ඇත්තේ රාත්‍රි 11.00 පමණ. ඇතින්නගේ දකුණු ඉදිරි පාදයේ දණහිස ආසන්නයේ තුවාල වී නැගිට ගන්නට නොහැකි තත්වයක් ඇති වී තිබේ.

    මෙම ඇතින්න වයස අවුරුදු 10 – 12 අතර පසුවන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. ඇතින්න මාර්ගය හරහා මාරුවන විට විශාල ලොරි රථයක ගැටෙන්නට ඇති බවයි, වන ජීවි නිළධාරින් සැක පහළ කරන්නේ. මීට පෙර ද අවස්ථා දෙකක දී මෙම් ස්ථානයේ වනඅලින් අනතුරට ලක්වූ බවයි වනජීවී නිලධාරීන් කියා සිටින්නේ.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 12:49

    Latest News