යකඩ යකා බිලිගත් ජීවිත

ඔක් 25, 2024
    හබරාදූව පොලිස් වසමේ මිහිරිපැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරුපැදියක් මාතර සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ පිටුපස කොටසේ ගැටී ඊයේ (24) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පසුපැදිකරු එම ස්ථානයේම මියගොස් තිබෙනවා.

    මියගිය පුද්ගලයා අවුරුදු 51ක් වූ මරදානගේ වත්ත, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පැදිකරු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබන අතර හබරාදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
    මේ අතර, පේරාදෙණිය රජවත්ත විශ්වවිද්‍යාල සමූපකාරය අසල දුම්රිය හරස් මාර්ගය අසලදී පේරාදෙණිය සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ඊයේ (24) මියගොස් ඇත.
    අනතුරින් බරපතළ තුවාල ලඅබූ එම පුද්ගලයා මහනුවර රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබෙනවා.
    මරණකරු වයස අවුරුදු 49ක් වූ මහනුවර ඕගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    සිද්ධිය සම්බන්දයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    Latest News