පසුගිය දින 4තුල විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක් එක් අපේක්ෂකයෙකුට වැඩිපුර ගුවන් කාලයක් ලබා දෙමින් ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මක කරන බව, ඔහුගේ පැමිණිල්ලේ සඳහන්. ඒ අනූව, සැමට සාධාරණ ගුවන් කාල ලැබෙන ක්‍රමවේදයක් සකස් කරන ලෙස තිස්ස අත්තනායක මහතා සිය පැමිණිල්ල මගින් මැතිවරණය කොමිසමෙන් ඉල්ලා සිටියි. මෙවැනි අසමාන ප්‍රචාරයන් පෞද්ගලික නාලිකා කිහිපයක් විසින් සිදුකරන බව ද ඔහු පවසයි. මෙම මාධ්‍ය නාලිකා ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයකින් අනතුරුව ලබාගත් විද්වත් වාර්තාවක් අනූවයි, මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.