මැතිවරණ කොමිසමට සම්මාන 

ඔක් 25, 2024

    2024 තොරතුරු තාක්ෂණය සඳහා වූ ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේ සම්මාන දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සමත්වුණා.

    රාජ්‍ය අංශයේ හොඳම තොරතුරු තාක්ෂණ ක්‍රියාවලිය සහිත ආයතනය ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මෙහිදී සම්මාන ලැබුවා. ඒ “ඉලෙක්ෂන් ඊ සර්විස්” වැඩසටහන වෙනුවෙන්. ඊට අමතරව රාජ්‍ය අංශයේ සමස්ත ඇගයීම්වලදී “රිදී” සම්මානයක්ද දිනා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව සමත්වුණා.

    සම්මාන ලබාගත්තේ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක්. සම්මාන ප්‍රදානෝත්සවය  සංවිධාන කෙරුණේ, තොරතුරු තාක්ෂණ අංශයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශ වල දක්ෂතා දැක්වු ආයතන දිරි ගැන්වීමේ අරමුණින්.

     

     

    Latest News