විදුලි සැරවැදි වන අලියෙකු මරුට

ඔක් 13, 2019

    විදුලි සැරවැදි මියගිය බවට සැක කරන වන අලියෙකු අද (13) උදැසන වැලිකන්ද අසේලපුර මධ්‍යම බෙහෙත් ශාලාවට යාබද ස්ථානයකින් හමුවී තිබේ.

    මෙම වන අලියාගේ වයස අවුරුදු 10 ත් 15 ත් අතර වන බවත් සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වැලිකන්ද වනජිවි කාර්යාලය පවසයි.

    වන අලියාගේ මරණ පරික්ෂණ සිදු කිරිමට වනජිවි නිලධාරින් පිරිසක් යොමු කර ඇති බව වැලිකන්ද අඩවි ආරක්ෂක සී. ඒ. වනසිංහ මහතා ප්‍රකාශ කළේය.

    Last modified on ඉරිදා, 13 ඔක්තෝබර් 2019 18:11

    Latest News