අලුත්ගමින් නීති විරෝධි ස්කාගාරයක් වටලයි: හිමිකරු අත්අඩංගුවට

ඔක් 15, 2019

    අළුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රා ස්කාගාරයක් වටලා රා ලීටර් 83,000ක් ද පොලිස්භාරයට ගෙන තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව බලපත්‍ර නොමැතිව රා ස්කාගාර වැටලීම කර ඇත.

    එම වැටලීමේදි හිමිකරු සුදත් කුමාර ද සිල්වා නැමැති වයස අවුරුදු 53ක අයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙම සැකකරු සහ නඩු භාණ්ඩ අළුත්ගම සුරාබදු නිලධාරීන්ට භාර දීමට නියමිතයි. එ අනුව මෙම රා කෘතීම රා දැයි පරික්‍ෂා කිරීම සදහා සාම්පල රජයේ රස පරීක්‍ෂක වෙත යොමු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2019 16:16

    Latest News