තරුණයින් 11 ක් රදවා සිටි ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුර අද සිට විශේෂ පරීක්ෂාවකට අධිකරණයෙන් අවසර

නොවැ 02, 2019

    2008 – 2009 කාලෙය්දී තරුණයින් 11 දෙනෙකු රදවා තබා ගත් බව කියන ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුර අද (2) සිට 10 වනදා දක්වා විශේෂ පරීක්ෂාවක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද 01 අවසර ලබා දුන්නේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමට මහේස්ත්‍රාත් වරයා අවසර ලබා දුන් අතර නාවික හමුදා කදවුරේ ඔවුන් රදවා සිටි බව කියන සිරකුටිවල අපරාධයක් වී ඇද්ද යන්න අධිකරණ වෛද්‍ය නිලධාරීන් ලවා පරීක්ෂා කර වාර්තාවක් ගොනු කරන ලෙස විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ අධ්‍යක්ෂවරියට නියෝග කළේය.

    ත්‍රිකුණාමලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටද අපරාධ පරීක්ෂණ නිලධාරීන් (සෝකෝ) නිලධාරීන්ටද සිරකුටි පරීක්ෂා කර වාර්තා කිරිමට නියෝග කළේය. ඒ සඳහා අවශ්‍ය සහාය හා කටයුතු සිදු කරන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස නාවික හමුදාපතිවරයාට නියෝගයක් නිකුත් කෙරිණ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අධිකරණයට දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේය.

    Latest News