විල්ගමුව - දෙදෙනෙකු බෝට්ටු සමඟ අතුරුදන් (ඡායාරූප)

නොවැ 23, 2018

    මාතලේ - විල්ගමුව   ප්‍රදේශයේ  මහවැලි ගගේ වැලි කැණීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

    ඊයේ රාත්‍රී සිටි ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මොවුන් ගමන් ගත් බෝට්ටු සමග ගසාගෙන යන්නට ඇති බවයි, පොලීසිය ප්‍රකාශ කරන්නේ.

    මේ වන විට අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ද මාතලේ ආපදා කළමනාකරණ ප්‍රධානි චමින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ධාරානිපාත වර්ෂාවත් සමඟ නිවාස 25 ක් පමණ ජලයෙන් යටව එක නිවසක් සම්පුර්ණයෙන් කඩා වැටි තවත් නිවාස කීපයකට අර්ධ වශයෙන් හානිවී තිබේ .

    ganwathura 12 kandalama

    ganwathura 07 1

    ganwathura 03

    Last modified on සිකුරාදා, 23 නොවැම්බර් 2018 10:29

    Latest News