රුවන්වැලි සෑ නව චූඩා මාණික්‍ය මහජන ප්‍රදර්ශනයට (වීඩියෝ)

නොවැ 18, 2019

    පූජනීය ස්වර්ණමාලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ මත පළඳවන රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කිරීම අද සිට ලබන 26 වැනි දින දක්වා ප්‍රදර්ශනය කෙරේ.

    ඒ අනුව අද සිට 20 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේදී ජනතාවගේ වන්දනාමානයට අවස්ථාව උදාවේ. ලබන 21 වැනිදා සිට රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිට අනුරාධපුරය දක්වා වැඩම කරවීමට නියමිතයි. ලබන 22,23 සහ 24 තෙදින අනුරාධපුර රුවන්වැලි සෑ පූජා භූමියෙහි විශේෂ කුටියක තැන්පත් කිරීමෙන් පසු ජනතාවගේ වන්දනාමානයට අවස්ථාව සළසා තිබේ. චූඩා මැණික්‍ය සහිත රන් පාදම මහා සෑ රජුන් මත පැළඳවීම සිදු කෙරෙන්නේ ලබන 25 වැනි දිනයි. රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කිරීම නොවැම්බර් 26 වැනි දින සිදු කෙරේ.

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 20:36

    Latest News